Header Ads

උණුසුම් පුවත්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි


පාර්ලිමේන්තුව අද (08) උදෑසන 10ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව උදෑසන 10 සිට පස්වරු 04.30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වෙනු ඇත.

අද දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සභාවාරය සඳහා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ලබාදුන් නියෝගයකට අනුව මන්ත්‍රීවරුන් දෙදෙනාට හෙට දිනයේ පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිවනු ඇත.