Header Ads

උණුසුම් පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවක් මෙතෙක් වාර්තා වී නැහැ


කොළඹ වරායට ආසන්න මුහුදේ ගිණි ගැනීමට ලක්ව මේ වන විට ගිලෙමින් පවතින එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවීමේ තත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ නාවික හමුදා කිමිදුම්කරුවන් නෞකාව ආසන්නයට ගොස් සිදුකරන තත්ත්ව පරීක්ෂා කටයුතු ඊයේ (07) දිනයේත් සිදු කළ බවයි.