අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුලුවන වාහන සඳහා අද (08) සහ හෙට (09) දිනවලදීත් ස්ටිකර් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ ඊයේ (07) දිනයේදී මෙම ස්ටිකර් 70,000 කට ආසන්න සංඛ්‍යාවක් අත්‍යාවශ්‍ය සේවා වාහන වෙත ලබාදුන් බවයි.
එහිදී අදාළ ක්ෂේත්‍ර මූලික කර ගනිමින් වර්ණ 11කින් යුත් ස්ටිකර කොළඹට ඇතුළු වන ස්ථාන 52 කදී ලබාදීමටයි පොලීසිය කටයුතු කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ මෙම ස්ටිකර් අලවා තිබුණ ද, යම් සැක සහිත වාහන අහඹු පරීක්ෂාවන් සිදුකිරීමට ආරක්ෂක අංශවලට කිසිදු බාධාවක් නොමැති බවයි.
මේ අතර අදාළ ස්ටිකරයෙන් ලැබෙන අවසරය අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.