රජය මුහුණ දී සිටින දිනෙන් දින උග්‍ර වන මූල්‍ය අර්බුදයට පිළියම් නැති බැවින් ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ජාලය සහ ඒ ආශ්‍රිත දේපොළ විදේශිකයින්ට අලෙවි කිරීමේ උපායමාර්ගයකට එලඹී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක මහතා පවසනවා.
ඔහු කියා සිටින්නේ "සහස්‍යා" නමින් නව සමාගමක් පිහිටුවා රටේ අධිවේගී මාර්ග පද්ධතිය සහ ඒ ආශ්‍රිත දේපොළ එම සමාගම යටතට පත්කරන බවයි.
එසේම එම සමාගමේ කොටස් අයිතිය සහ එක් එක් අධිවේගී මාර්ග වල හිමිකම් කොටස් "ආයෝජනය" යන වචනයේ මුවාවෙන් විදේශිකයින්ට අලෙවි කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකරන බවද මන්ත්‍රීවරයා කියා සිටී.
මෙහි නියමු ව්‍යාපෘතිය ලෙස පසුගියදා ඉදිකිරීම් ආරම්භ කල නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වන කණුමතින් ඉදිකෙරෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සහ මෙහෙයුම් කොන්ත්‍රාත්තුව විදේශ සමාගමකට ලබාදී ඇතැයිද ඔහු සදහන් කරයි.
මින් පෙර පැවති රජය කැළණි පාලමේ සිට රාජගිරිය HSBC ගොඩනැගිල්ල දක්වා වන 9 Km දුර ප්‍රමාණය සදහා ඇස්තමේන්තු ගත කල මුදල වූයේ ඩො.මි180 ක් බව පවසන මන්ත්‍රීවරයා පවුල් 600ක් පමණ විතැන් කොට තවත් ඉඩකඩම් කිහිපයක් පවරා ගැනීම සදහා තවත් රුපියල් බිලියන 12 ක් පමණ ඇස්තමේන්තු ගතකර තිබුණු බවද කියා සිටී.
නමුත් අද කිසිදු මූල්‍ය, පාරිසරික හෝ සමාජීය අධ්‍යයනයකින් තොරව මෙම ව්‍යාපෘතිය විදේශ සමාගමකට ඩොලර් මිලියන 800කට ලබා දී ඇතැයිද පාඨලී චම්පක මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.