Header Ads

උණුසුම් පුවත්

රාජසන්තක කරන ලද ආහාර ජනතාවට

 


ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස හරහා ජනතාවට අලෙවි කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දි තිබෙනවා.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ වරායෙන් නිදහස් කරගනු නොලබන සහ ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලබන භාවිතයට සුදුසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහනදායි මිලකට සහ විනිවිදභාවයෙන් යුතු ක්‍රියාවලියක් යටතේ ලංකා සතොස ආයතනය හරහා ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.