Header Ads

උණුසුම් පුවත්

ස්ටිකර් වැඩේ අතරමඟ නවති !

 


කොළඹට ඇතුළු වන වාහන හදුනාගැනීම සදහා සිදුකල ස්ටිකර් ඇළවීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටවූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ඔහු කියාසිටියේ කොළඹට ඇතුළු වූ වාහන 70,000 කට පළමු දිනයේ  පමණක් ස්ටිකර් අළවා ඇති බවත් එම සංඛ්‍යාව සංචරණ සීමා පනවා තිබූ පසුගිය සතිය තුළදී කොළඹට පැමිණි වාහන සංඛ්‍යාවට සමාන බවත්ය.

ඒ අනුව ස්ටිකර් ඇලවූ දිනයේ පමණක් කොළඹට  සතියක වාහන  ඇතුල්වී ඇති බව අනාවරණයවූ බව තෙන්නකෝන් මහතා පැවසුවා.

මෙම තත්වය හමුවේ ඇතැමුන් ස්ටිකරය අවභාවිතය කිරීමට ඉඩ ඇති බවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ ඉදිරියේදී කිසියම් වාහනයක් අත්‍යවශ්‍ය සේවාවක් යැයි එහි ලිපිලේඛණ පරීක්‍ෂාවෙන් පසුව සනාථ වුවහොත් පමණක් ස්ටිකරය ඇලවීමට කටයුතු කරන බවත් ස්ටිකරය අලවාගෙන එය අවභාවිතය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පවසයි