කෝවිඩ් 19 වසංගත තත්ත්ව හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ ගොවීන්ට අලෙවි කරගැනීමට නොහැකි අතිරික්ත එළවළු සහ පළතුරු තොග රජය විසින් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ගොවි ජනතාවගේ මැසිවිල්ලට කන් දෙමින් ඔවුන් දීර්ග කාලයක් තිස්සේ කළ කැපකිරීම අපතේ යාමට ඉඩ නොදී මෙම අතිරික්ත ඵලදාව මිලදී ගැනීමට තීරණය කළ බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළා.
එක් එක් ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිසාපතිවරුන් හරහා එම ප්‍රදේශවල නිෂ්පාදනය කරන එළවළු සහ පළතුරු සාධාරණ මිලකට ලබාගෙන අවශ්‍යතාව අනුව ජනතාව අතර බෙදා දීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.