සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් ජලයට එකතුවීම හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් හෙට සිටම වන්දි ගෙවීමට පියවර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (08) ප්‍රකාශ කළා
අමාත්‍යවරයා කියාසිටියේ මෙම සිද්ධිය නිසා සිදු වූ හානිය ගණනය කොට ඒ සම්බන්ධයෙන් විපතට පත් වූ පුද්ගලයින්ට වන්දි ලබා දිමට කටයුතු කරන බවයි
එකී වන්දි ගණනය කිරීම සඳහා තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුව පත්කල බවද ඔහු පැවසුවා
එසේම තම පෞද්ගලික ලේකම් උපුල් විජේසේකර මහතා ගේ සභාපතිත්වයෙන් යුතු ව තවත් කමිටුවක් පත්කල බවත් ඒ මඟින් මෙම සිදු වීමට සැබෑ හේතුව කුමක් ද, නිළධාරීන්ගේ යම් අතපසුවීමකින් මෙය සිදු වුවාද යන්නත්, යළි මෙවැනි දේ සිදු නොවීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේ ද යන්නත් සෙවීමට කටයුතු කරන බවත් ඇමතිවරයා කියා සිටියා.