කොවිඩ් මර්දන 'සයිනොෆාම්' එන්නත සහ 'ස්පුට්නික් v' එන්නත මෙරට ජනතාවට ලබාදීම අදත් සිදුකෙරෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වු 'සයිනොෆාම්' එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්වත් කමිටු අනුමැතිය හිමිවීමෙන් පසු එය ජනතාවට කඩිනමින් ලබාදීමේ අරමුණින් ඊයේ (08) දිනයේම එම එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර පානදුර ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණා.
ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 100ට එන්නත ලබාදී ඇති අතර අද (09) දිනයේදී පානදුර කඩවීදිය 685 A සහ 685 B යන ග්‍රාමසේවා වසම් දෙකේ 400 දෙනෙකුට එන්නත ලබාදීම සිදුකෙරෙනු ඇතියි.
එමෙන්ම හොරණ ගුරුගොඩ ග්‍රාම නිලධාරි වසමේ පුද්ගලයින් දහසකටද 'සයිනොෆාම්' එන්නත ලබාදීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.
මේ අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයින් 600 දෙනෙකුටත් 'සයිනොෆාම්' එන්නත ලබා දීම අද පෙරවරුවේ ආරම්භවිය.
මේ අතර රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් v'කොවිඩ් මර්දන එන්නත මේ වන විට වයස අවුරුදු 30ත් 60ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන්ට ලබාදීම සිදුකෙරේ.
අද එම එන්නත ලබාදුන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ජනතාවටය.
මිට අමතරව ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට පුද්ගලයින් 925,242 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 187,775 දෙනෙකුට ලබා දී අවසන්ය.