පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රයෙන් නිපදවන තවත් නිෂ්පාදන 11ක් තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය කටයුතු සූදානම් කර තිබෙනවා.
පසුගිය මාර්තු 31 දින සිට ක්‍රියාත්මක වන පරිදි පරිසර හානියට ඉවහල්වන නිෂ්පාදන වර්ග 05ක් තහනම් කිරීම සඳහා අඅමාත්‍යංශය කටයුතු කළා.
ඒ අනුව මෙම දෙවන ලැයිස්තුවට ඇතුළත් නිෂ්පාදන තහනම් කිරීම කඩිනම් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මෙම දෙවන ලැයිස්තුවට අයත් භාණ්ඩ බහුතරයක් සඳහා පරිසර හිතකාමී, එමෙන්ම ඉක්මනින්ම දිරාපත්වන විකල්ප යොදා ගත හැකිව තිබියදී නිපදවන භාණ්ඩ බවත් එම භාණ්ඩ පොලිතීන් හා ප්ලාස්ටික් යොදාගෙන නිපදවීම නිසා දැවැන්ත පාරිසරික හානියකට අපේ රටට මුහුණ දීමට සිටින බවයි.