මධ්‍යම ඇමෙරිකාවේ එල් සැල්වදෝර් කොංග්‍රසය විසින් බිට්කොයින් (Bitcoin) නීතිගත කිරීමේ නව පනතක් අනුමත කර ඇති අතර එරට ජනාධිපතිවරයා පැවසුවේ ගුප්තකේතන මුදල් (cryptocurrency) භාවිත කරන ලොව පළමු රට බවට ඔවුන් පත්ව ඇති බවයි.
එරට ව්‍යවස්ථාදායක සභාවේ නීති සම්පාදකයින් 84 දෙනෙකුගෙන් 62 දෙනෙකුගේ බහුතරයක් මෙම පනත සම්මත කර ඇති බව එරට ජනාධිපති නයිබ් බුකලේ පසුගිය අඟහරුවාදා පවසා තිබෙනවා.
ඡන්ද විමසීමට පෙර ජනාධිපතිවරයා කියා සිටියේ ගුප්තකේතන මුදල් භාවිත කිරීමෙන් රටට මූල්‍යමය ආයෝජන, සංචාරක ,නවෝත්පාදන හා ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීමට හැකි වනු ඇති බවයි.
ඩොලර් බිලියන ගණනක ප්‍රේෂණ මාරු කිරීම සහ අතරමැදියන් වෙත බිලියන ගණනක් අහිමි වීම වැළැක්වීම සඳහා වේගයෙන් වර්ධනය වන ක්‍රමයක් ලෙස සැල්වදෝර් නායකයා මෙම බිට්කොයින් ක්‍රමයට ප්‍රශංසා කර ඇත .
නමුත් වර්තමානයේ මිල ඩොලර් 33,814 වන බිට්කොයින්හි අස්ථාවරත්වය සහ එහි අඳුරු නීතිමය තත්ත්වය නිසා එදිනෙදා ගනුදෙනුවලදී සාම්ප්‍රදායික මුදල් වෙනුවට මෙම ක්‍රමය ආදේශ කළ හැකිද යන්න පිළිබඳව ගැටලු මතු වී තිබේ.