එක්දින තරග සහ විස්සයි 20 තරග තුනකට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊ්යේ එංගලන්තය බලා පිටත්ව ගියේය.
මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෝටලයේ සිට ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේ , මින් පෙර ක්‍රිකට් ආයතනයේ සිට සංචාරවලට පිටත්ව යාමේ ක්‍රමවේදය වෙනසමකට බදුන් කරමිනි.
පළමු විස්සයි විස්ස තරගය ජුනි මස 23 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ආරම්භවීමට නියමිතයි.
ශ්‍රී ලංකා - එංගලන්ත විස්සයි විස්ස තරග කාලසටහන
- පළමු විස්සයි විස්ස තරගය ජුනි 23 වැනිදා
- දෙවන විස්සයි විස්ස තරගය ජුනි 24 වැනිදා
- තෙවන විස්සයි විස්ස තරගය ජුනි 26 වැනිදා
- පළමු එක්දින තරගය ජුනි 29 වැනිදා
- දෙවන එක්දින තරගය ජූලි 01 වැනිදා
- තෙවන එක්දින තරගය ජූලි 04 වැනිදා