අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිණී ඉමේෂා මුතුමාල මහත්මිය පත්කර ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.
පොලිස් මූලස්ථානය කියා සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මෙවැනි තනතුරක් සඳහා කාන්තා නිලධාරිණීයක් පත් කර ඇත්තේ ප‍්‍රථම වතාවට බවයි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය මත මෙම පත්වීම සිදුකර ඇති බව ද එම මූලස්ථානය සඳහන් කරනවා.
ආධුනික සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස ඉකුත් 2007 වසරේ පොලිස් සේවයට බැඳී ඇති මුතුමාල මහත්මිය, වසර 14ක සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුගේගොඩ කොට්ඨාසය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් නිශ්කාශන වාර්ථා ඒකකයේ රාජකාරි සිදුකර ඇත.
රුහුණු විශ්ව විදයාලයේ විද්‍යාවේදී උපාධිය, විවෘත විශ්ව විද්‍යාලයේ නිතීවේදී උපාධිය, ඇමරිකා එක්සත් ජනපදයේ හවායි පොලිස් අභ්‍යාස ආයතනයේ දී අර්බුද කළමණාකරණ පාඨමාලාව, තායිලන්තයේ බැංකොක් නුවර දී එෆ් බී අයි ආයතනය මගින් පවත්වන ලද මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පාඨමාලාව, ඉන්දියාවේ හයිද්‍රාබාද් පොලිස් ඇකඩමියේ අන්තර්ජාල අපරාධ සම්බන්ධ පාඨමාලාව යන පාඨමාලා හදාරා ඇති නිලධාරිණීයක වන බව ද පොලිස් මුලස්ථානය සදහන් කරනවා.