ඕස්ට්‍රේලියාව මෙල්බර්න් නුවරින් පසුගියදා හමුවූ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ සිට එහි ගිය පුද්ගලයෙකුගෙන් සම්ප්‍රේෂණය වී නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය. ආචාර්යවරයා සඳහන් කර සිටියේ, අදාළ ගුවන් මගියා ශ්‍රී ලංකාව හරහා මෙල්බර්න් නුවරට ගිය පුද්ගලයෙකු වන බවයි.
ඒ අනුව එම පුද්ගලයා ශ්‍රී ලංකාව තුළට කිසිදු අවස්ථාව ක ඇතුළුවී නොමැති බවට තහවුරු වී ඇතැයි ප්‍රකාශකළ ආචාර්යවරයා ඒ පිළිබඳ එරට දැනුවත් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ බවද ඒ මහතා සඳහන් කළේය.
මෙල්බර්න් නුවරින් පසුගියදා හමුවූ කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ සිට එහි ගිය පුද්ගලයෙකුගෙන් සම්ප්‍රේෂණය වී ඇති බවට ඕස්ට්‍රේලියාව පසුගියදා වාර්තා කර තිබිණි.