ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව විසින් තීරණය කර තිබෙනවා.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, එම සංශෝධනය සිදුකරන දිනය නොදුරේදී ම දැනුම්දෙනු ඇති බවයි
ඒ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් එම සංශෝධනය සිදුකරන්නේ කවදා ද යන්න කලින් දැනුම් දිය නොහැකි බවත් එසේ සිදුවුවහොත් ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම්වල සිටිනු ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියා.
අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී මෙසේ කියා සිටියා
"ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ ගිහින් තිබිය දීත් මාස 21 පුරාවට ඉන්ධන මිල සංශෝධනය නොකර මේක කොහොම හරි අල්ලගෙන ඉල්ල අපි කටයුතු කළා. නමුත් අවාසනාවකට තවදුරටත් ආණ්ඩුවට මේ දැවැන්ත අලාභය දරාගෙන ඉන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යන විට මෙතරම් දීර්ඝ කාලයක් මිල සංශෝධනයක් නොකර සිටි යුගයක් ඉතිහාසයේ කවදාවත් නෑ. දිගින් දිගටම වැඩි මිලට ඉන්ධන අරගෙන අඩු මිලට විකිණීම නිසා මේ වන විට 2020 අගවන විට ඛනිජ තෙල් සංස්ථාවේ එකතු වුණ අලාභ රුපියල් කෝටි 33100ක්. ඒ නිසාම ආයතනය දැනටමත් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා."