එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් සිදු කරන ලද විශ්ලේෂණයකට අනුව උතුරු ඉතියෝපියාවේ සාගතයක් තිබෙන බව එක්සත් ජාතීන්ගේ මානුෂීය අංශ ප්‍රධානී මාර්ක් ලෝකොක් පවසනවා. ඔහු පවසන්නේ මෙම තත්ත්වය ඉදිරියේ දී තවත් නරක අතට හැරෙනු ඇති බවයි.
යුද්ධයෙන් විනාශ වූ ටයිග්‍රේ කලාපයේ මෙන් ම අසල්වැසි අම්හාරා සහ අෆාර් යන ප්‍රදේශවල 350,000 ක් පමණ ජනතාව දැඩි අර්බුදයක ජීවත් වන බව එම අධ්‍යනයෙන් අනාවරණය වී ඇත.
මිලියන 1.7 ක පමණ ජනතාව අවතැන් වී ඇති අතර රජයේ හමුදා සහ කැරලිකරුවන් අතර සටන්වලින් ටයිග්‍රේ කලාපය විනාශ වී ඇත.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන, ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය මෙම අර්බුදයට විසඳුම් සෙවීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ.