Online අධ්‍යාපනය නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක්

12-a-project-to-provide-free-online-education

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතුවල නිරතවන රටේ සියලුම දරුවන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව e-තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් ලබාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.

E-තක්සලාව ක්‍රමවේදයේ දැනට පවතින දුෂ්කරතා අවම කරගනිමින් වඩාත් සුදුසු ක්‍රමවේදයක් හඳුන්වාදිම සඳහා අරලියගහ මන්දිරයේ දී ඊයේ (11) පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළා.
2021 ජුලි 21 දින වන විට මුල් අදියර ලෙස පාසල් 200ක සිසුන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව මාර්ගගත (Online) පන්ති e-තක්සලාව හරහා ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී උපදෙස් දුන්නේය.

විවිධ යෙදුම් හරහා මාර්ගගත ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය ලැබීමේ දී දත්ත සඳහා දරුවන්ට වැයවන සැපයුම් සේවා ගාස්තු මෙන්ම අනෙකුත් දුෂ්කරතා මගහැරීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේ දී
අවධානය යොමු විය.

රජය විසින් දැනටමත් විධිමත්ව ස්ථාපිත කර ඇති e-තක්සලාව අදාළ ගැටලුවලට පිළියමක් ලෙස යොදාගත හැකි බව මෙම හමුවේ දී තීරණය කෙරුණා.

ඒ අනුව මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ට ලංකා රාජ්‍ය මේඝය තුළ ප්‍රමාණවත්තාක්ෂණික යටිතල පහසුකම් පුළුල් කරදෙමින් දැනට වඩා විශාල සිසුන් පිරිසකට
එකවර ඊට ප්‍රවේශවිය හැකි අවස්ථාව සලසන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී උපදෙස් දුන්නා.

අධ්‍යාපනය සඳහාම වෙන්වූ රූපවාහිනී නාලිකාවක් සහ ගුවන්විදුලි සේවාවක්පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණි. එවැනි රූපවාහිනි හා ගුවන් විදුලි සේවාවක් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ
අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය දැනටමත් සංඛ්‍යාත ලබාගෙන ඇති බව මෙහිදී හෙළිවුණා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය සහ ගුවන්විදුලි සංස්ථාව යන ආයතනයන්හි දැනටමත් පවතින යටිතල පහසුකම් භාවිත කර අදාළ සේවාවන්ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.
සන්නිවේදන කුලුණු අලුතින් ඉදිකිරීම ද ඇතුළු මෙවැනි දිගු කාලීන පියවරවලට අමතරව මේ වනවිටත් මාර්ගගත අධ්‍යාපනය ලැබීමේ දී අන්තර්ජාල ආවරණ බාධා,ආර්ථික දුෂ්කරතා සහ අවශ්‍ය මෙවලම් නොමැතිව අසරණව සිටින දරුවන්වෙනුවෙන් කෙටි කාලීන විසඳුම් අවශ්‍ය බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී නිලධාරීන්ගේ අවධානය යොමු කළා.

ඒ අනුව ආර්ථීක දුෂ්කරතා මැද මාර්ගගත ඉගෙනීම් කටයුතුවල නිරත දරුවන්ගේ අධ්‍යාපනය සදහා සුදුසු ජංගම දුරකතන මෙවලමක් ලබාදීමේ වැඩපිළිවෙලක් සකස්කර ඒ පිළිබදව තමන් දැනුවත් කරන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
අන්තර්ජාල ආවරණය පිළිබද දැනට පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් e -තක්සලාව මගින් ඉගැන්වීම තහවුරු කිරීම සඳහා ග්‍රාමීය වශයෙන් හඳුනාගත්මධ්‍යස්ථාන (උදා: ප්‍රජා ශාලා, නැණසල විහාරස්ථාන සහ පරිගණක සම්පත්
මධ්‍යස්ථාන), “ e-තක්සලාව ඉගෙනුම් මධ්‍යස්ථාන ”ලෙස කුඩා සිසු කණ්ඩායම් සඳහා ඉගෙනුම් අවස්ථා සලසන මධ්‍යස්ථාන බවට පත්කරන්නැයි ද අමාත්‍ය නාමල්රාජපක්ෂ මහතා දැනුම් දුන්නා.

අදාළ කටයුත්තේ දී ඉගෙනුම් අවස්ථා ලබාදීමට අවශ්‍ය මධ්‍යස්ථාන හඳුනාගැනීමේ කාර්යය සහ පරිගණක උපාංග ලබාදීම පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමාගේ නිර්දේශ මත ක්‍රියාත්මක විය යුතු බවද පැවසීය.
මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස්, අධ්‍යපනප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත්, කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා යන මහත්වරු සහ අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා, ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිතුමා ඇතුළු නිලධාරී පිරිසක් එක්ව සිටියා.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: Online අධ්‍යාපනය නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක්
Online අධ්‍යාපනය නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක්
e-තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් ලබාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtD5XNXSKKYzAL43DOJdtWrXJAwLgIIpLj9fDr3ws3JRATNoSzvIMq58oHT4J3hEyXVFgY0vF8dMa1XXJxiFWLyS2FofmaR3jTEYW3DZENQi5C7btnajtyiR1QNGT2R3SWt2SH8NrNuf8/s16000/12-a-project-to-provide-free-online-education.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtD5XNXSKKYzAL43DOJdtWrXJAwLgIIpLj9fDr3ws3JRATNoSzvIMq58oHT4J3hEyXVFgY0vF8dMa1XXJxiFWLyS2FofmaR3jTEYW3DZENQi5C7btnajtyiR1QNGT2R3SWt2SH8NrNuf8/s72-c/12-a-project-to-provide-free-online-education.webp
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/12-a-project-to-provide-free-online-education.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/12-a-project-to-provide-free-online-education.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content