පෞද්ගලික ඔසුසැල්වල සේවකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලාසිටිනවා.
එම සංගමය කියාසිටියේ එසේ නොකරන්නේ නම් ඉදිරියේ දී ඔසුසැල් වසා දැමීමට සිදුවන බවයි.
ඔසුසැල්වල සේවය කරන පිරිස් නිරන්තරයෙන් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් සමඟ සම්බන්ධ වන පුද්ගලයින් බැවින් ඔවුන් සඳහා එන්නත් ලබාදීම අත්‍යවශ්‍ය බව එම සංගමයේ මාධ්‍ය ලේකම් සිදත් සුරංග මහතා සඳහන් කලා.
සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ ද ඔසුසැල් විවෘතව තබමින් ජනතාව සඳහා අවශ්‍ය ඖෂධ සැපයීම් සිදුකරන තම සේවකයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගේ අවදානය යොමුවිය යුතු බව ඔහු පෙන්වාදෙනවා.
සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද මෙතෙක් සාධනීය පිළිතුරක් ලැබී නොමැති බවද සිදත් සුරංග මහතා කියා සිටියා.
කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් ඔසුසැල් හිමියෙකු මියගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.