උතුරු මුහුදේ කෘත්‍රීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ තවත් අදියරයක් ‘ඩෙල්ෆ්’ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ආරම්භ කළා.
යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම මෙම කෘත්‍රීම පරිසර පද්ධති නිර්මාණ ව්‍යාපෘතියේ අරමුණවනවා.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් ‘සයුරු’ කැනීම් නෞකාව මගින් භාවිතයෙන් ඉවත් කළ බස් රථ හතරක් ‘ඩෙල්ෆ්’ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයට ගෙන ගොස් ආරක්ෂිතව දියයට තැම්පත්කලා
මෙමගින් මුහුදු ප්‍රදේශයේ කෘත්‍රීම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කරන අතර භාවිතයෙන් ඉවත් කළ බස් රථ 20 ක් මුහුදේ ගිල්වීමට නියමිතවනවා.
වෙරළාසන්න මුහුදේ ඇති වන ජෛව විවිධත්වය සමඟින් අනාගතයේ වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීම මෙහි අරමුණ වේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානය මෙම ව්‍යාපෘතියට සහයෝගය දක්වනු ලබනවා.