දකුණු කොරියාවේ නීත්‍යානුකුලව රැකිවල නිරතවි තම සේවා කාලය අවසන්ව, තවදුරටත් වලංගු විසා බලපත්‍ර නොමැතිව නිති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වහාම ගෙන්වා ගන්නා ලෙස දකුණු කොරියානු රජය දැනුම් දී තිබෙනවා.
මෙම දැනුම් දීම මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජයට දන්වා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කළා.
දැනට මෙලෙස නිති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව දෙදහසක් පමණ වන බව දකුණු කොරියානු රජය දැනුම් දී ඇත.
සභාපතිවරයා කියා සිටියේ මෙම පිරිස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව, ගිවිසුම් ගත කාලය තුල රැකියාවල නිරත වි, තම සේවා ගිවිසුම් කාලය ඉක්මවු පසු නිති විරෝධි අන්දමින් රැදි සිටින අය බවයි.
මෙලෙස ඔවුන් නිති විරෝධි අන්දමින් රැඳී සිටින කාලය තුල, නව රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව එරට රජය විසින් දන්වා ඇත.
එසේම දැනට රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයටද මේ හේතුවෙන් බලපෑමට ලක්වන බවද සදහන්.
තවද ඉදිරියේදී රැකියා විශාල ප්‍රමාණයක් අහිමි විමේ අවධානමක් මේ හේතුවෙන් පැන නැගී ඇතිබවද සභාපතිවරයා කියා සිටියා.
නීති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රමිකයන් ගෙන්වා නොගත හොත් ඔවුන් වෙනුවෙන් ඇපකර ගිවිසුම් අත්සන් කල අයට එරෙහිව නිත්‍යානුකූලව වහාම නඩු පවරන අතර, අදාල ශ්‍රමිකයාට එරෙහිවද නිත්‍යානුකුලව කටයුතු කරන බව කාර්‍යාංශය කියා සිටී
එබැවින් දකුණු කොරියාවේ තවදුරටත් වලංගු විසා බලපත්‍ර නොමැතිව නිති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වහාම දිවයිනට පැමිණෙන ලෙස ශ්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ඉල්ලා සිටිනවා.