එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ බලපෑම නිසා මෙතෙක් ධීවර කටයුතුවල යෙදීමට අවසර නොමැති මීගමුවේ සිට පානදුර දක්වා මුහුදු කලාපය නිසි අධ්‍යනයකින් පසු ධීවර කටයුතු සඳහා කඩිනමින් විවෘත කර දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ඒ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්
පරිසර, ධීවර, ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් අනතුරින් සිදුව ඇති හානිය පිළිබඳව පූර්ණ තක්සේරුවක් කිරීමටත් අදාළ නෞකා සමාගමෙන් හානි පූර්ණ වන්දි ලබා ගැනීමට සහ නෞකාව එම ස්ථානයෙන් ඉවත්කරවා ගැනීමටත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස ද අගමැතිවරයා උපදෙස් දුන්නා.
අදාළ නීතිමය කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු බව ද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.
කොවිඩ් වසංගත තත්ත්වය සමඟාමීව අඩු ආදායම් ලාභීන් වෙත ලබා දෙන රුපියල් 5000 දීමනාව නෞකා අනතුරින් අගතියට පත් ධීවර ප්‍රජාව සඳහා ද ලබන සඳුදා සිට ලබා දෙන බව ද මෙහිදී ඔහු කියා සිටියා.