ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙනවා
එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ප්‍රකාශ කළේ පවතින වැසි තත්වය මත මෙය වර්ධනය විය හැකි බවයි
මේ අනුව දිස්‌ත්‍රික් දහයක මෙම අවධානම පවතින බවද ඔහු කියා සිටියා
මෙම මාසයේ ගත වූ දින කිහිපයේ පමණක් ඩෙංගු රෝගීන් 184 දෙනෙකු වාර්තා වී තිබෙනවා
2021 වසරේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 80,031ක්.
බොහෝ රටවල්වල ඩෙංගු පතුරුවන මදුරුවන්ට බැක්ටීරියාවක් භාවිතා කර සිදුකළ අත්හදා බැලීම්වලින්ඩෙංගු රෝගීන් වාර්තා වීම පහළ ගොස් ඇති බව පැවසූ ඒ මහතා කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් එය අත්හදා බලන බවත්ඉදිරියේදී තවත් ප්‍රදේශ රැසක එයක්‍රියාත්මක කරන බවත් වැඩිදුරටත් සඳහන් කළා