කර්නාටක සහ තමිල්නාඩු පොලිසි සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස ජීවත්ව සිටි ශ්‍රී ලාංකික ජාතිකයින් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පිරිසට රැඳී සිටීමට උපකාර කිරීම සම්බන්ධයෙන් තවත් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද ඉන්දීය මාධ්‍ය වාර්තාකලා.
කර්නාටක පොලිසිය පවසන්නේ පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා ජාතිකයන් මුහුද හරහා ඉන්දියාවට ඇතුළු වී ඇති බවයි.
මධුරෙයි හි ටික කලක් නැවතී සිටීමෙන් පසුව ඔවුන්ගෙන් සමහරක් බෙංගාලෝරයටත් පසුව මංගලූර් දක්වාත් පදිංචියට ගොස් ඇත.
කර්නාටක පොලිසියට ලැබී ඇති තොරතුරුවලට අනුව, ශ්‍රී ලංකා ජාතිකයන්, කැනඩාවට රැගෙන යාම සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 10 ක් (ඉන්දියානු මුදලින් ලක්ෂ 3 ක් පමණ) ගෙවා ඇති බව වාර්තාවේ.
මෙම කණ්ඩායම තමිල්නාඩුවේ සිට බහාලුම් යාත්‍රා, භාණ්ඩ නැව් හෝ පෞද්ගලික බෝට්ටුවල පිටත් වීමට නියමිතව සිට ඇත.




