Header Ads

උණුසුම් පුවත්

GSP+ සහනය අහිමිවන ලකුණු - හර්ෂ ද සිල්වා

නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පෑරෙද්දී යළි ශ්‍රී ලංකාවට  GSP+  සහනය අහිමිවන ලකුණු පහලවී ඇතිබව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පෑරෙද්දී යළි ශ්‍රී ලංකාවට  GSP+  සහනය අහිමිවන ලකුණු පහලවී ඇතිබව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ පැවැති  මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින්  අහිමි කල  GSP+ සහනය 2017 දී ආපසු ලබාගන්නට තමක්  පුද්ගලිකවම විශාල වෙහෙස මහන්සියක් ගත බවයි.

ඒ මෙම  සහනයේ වටිනාකම දන්න බැවින් බවත් මේ සහනය හේතුවෙන්මෙරට  අපනයන වලට විශාල අවස්ථාවක් ලැබෙන බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ මේ රට ආර්ථික ප්‍රශ්න ගණනාවකට ඇදල දමා  ඇති  වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකළාපය හේතුවෙන්  නැවත අප රටට  GSP+ සහනය අහිමිවෙන තත්ත්වයක් උදාවී ඇති බවයි.

දිනෙන් දිනම රට මිලිටරිකරණය වෙමින් තිබීම, පුද්ගලික නිදහස සහ භාෂණයේ නිදහසට දිනෙන් දිනම සීමා වැටෙමින් තිබීම, ඕනෑම කෙනෙකු මර්දනය කළ හැකි පරිදි අති විශාල බලයක් ආණ්ඩුව විසින් ගොඩනගා ගැනීම, මානව අයිතිවාසිකම් තර්ජනයට ලක් වෙමින්  තිබීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිය යුතු ගුණාංග ශ්‍රී ලංකාව තුළ දිනෙන් දිනම පිරිහෙමින් තිබීමට මෙම සහනය අහිමිවීමට හේතුව බව ඔහු සදහන් කළ.

එයට  වි⁣රෝධය පළකරමින් GSP+  සහනය ලංකාවට දෙන එක තාවකාලිකව  අත්හිටුවන ලෙස පසුගියදා  යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගත් බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

හර්ෂ ද සිල්වා මහතා කියාසිටියේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකළාපය ගැන යුරෝපා පාර්ලිමේන්තුවට පමණක් නොව  අපේ රටේ ජනතාවටද  විවේචන ඇතිබවයි.

අවසානයේ  මේ සියලු  ප්‍රශ්න වලින්  රටේ ජනතාව  බැට කන බවද මන්ත්‍රීවරයා කියාසිටියා .