Header Ads

උණුසුම් පුවත්

කොරෝනා රෝගීන්ගෙන් IDH රෝහල පිරෙයි


කොළඹ අයි.ඩී.එච් රෝහල කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසනවා.

කොවිඩ් ආසාදිතයන් 160 දෙනෙකු මේවනවිට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු පැවසුවා.

රෝහල තුළ තදබදකාරී තත්වයක් මතුව ඇති නමුත් සියලු දේ කළමනාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු පවත්වාගෙන යන බව රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.

ඒ කොරෝනා ආසාදනය වූ  බරපතළ සංකූලතා ඇති  අයට ප්‍රතිකාර ලබා දෙන්නේ මෙම කොළඹ අයි.ඩී.එච් රෝහලෙන් වන බැවින්.

දැඩි සත්කාර ඒකකයේ රෝගීන් අට දෙනකුට පමණක් එක් වරකට ප්‍රතිකාර ලබා දිය හැකි වන අතර එම සියලුම ඇඳන් මේ වනවිට පිරී ගොස් ඇති බව ද  සඳහන්.