Header Ads

උණුසුම් පුවත්

කංජිපානිගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් සිදුකරන ලද මෙහෙයුමකින්  කංජිපානි ඉම්රාන්ගේ  ගෝලයෙක් අයිස්  සමග අත්අඩංගුවට

අයිස්  මත්‍ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සමඟ පුද්ගලයෙක් ව වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් ඊයේ (11) සිදුකරන ලද මෙහෙයුමකින්.

එම පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ සිදුකිරීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ට වැරදි කරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් බව වාර්තා වනවා.

මෙම  අත්අඩංගුවට පත් 30 හැවිරිදි පුද්ගලයා ක්ලෙමන් නැමති අන්වර්ත  නාමයෙන් හඳුන්වනු ලබන බව විශේෂ කාර්ය බළකාය සඳහන් කළා.

 ඔහුව  වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී තිබෙනවා.