Header Ads

උණුසුම් පුවත්

යහපාලනයෙන් පාඩුවූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රිය කිරීමට උපදෙස්

යහපාලන රජය සමයේ අවභාවිතය හේතුවෙන් පාඩු ලබමින් සිටින රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රීය තත්ත්වයට ගෙන ඒමට කඩිනමින් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඊයේ (10) නියෝග කර තිබෙනවා.

යහපාලන රජය සමයේ අවභාවිතය හේතුවෙන් පාඩු ලබමින් සිටින රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රීය තත්ත්වයට ගෙන ඒමට කඩිනමින් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඊයේ (10) නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ වත්මන් තත්ත්වය පිළිබඳ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවක දී මෙසේ පවසා ඇත.

පසුගිය ආණ්ඩු කාලය තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හරහා අත්තනෝමතික ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වී ඇති බවත් මෙතෙක් ඒවාට හිමි ගෙවීම් සිදු කර නැති බවත් ඉංජිනේරු සංස්ථාවේ නිළධාරීයෙක් මෙහිදී කියා සිටියා.

එපමණක් නො ව සුදුසුකම් රහිත පත්වීම් සහ උසස්වීම් ලබා දීම හේතුවෙන් මේ වන විට රැකියා පුරප්පාඩුවක් ද නිර්මාණය වී ඇති බව එම සංස්ථාවෙව් නිළධාරීන් පෙන්වා දෙනවා.

පෑළියගොඩ  සී සිටි ( C city) ව්‍යාපෘතිය වැනි පෙර පැවති රජය විසින් ආරම්භ කරන්නට යෙදුණු බොහෝමයක් ව්‍යාපෘති යහපාලන රජය විසින් අත්හැර දැමීම හේතුවෙන් එම සංවර්ධන කටයුතු ඇණහිට ඉංජිනේරු සංස්ථාව කබලෙන් ලිපට වැටුණු බව නිළධාරීන් පවසනවා. මෙම වෙළෙඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පසුගිය දිනක යළි ආරම්භ කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණය රාජ්‍ය වෘත්තීය සමිති නියෝජිතයන්ගේ පැසසුමට ලක් වුණා.