ඉන්ධන මිළ ඉහල යාම බස් කර්මාන්තයට බරපතල ලෙස බලපාන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බස් රථ ධාවනය නිසි පරිදි සිදු නොවන නිසා තවමත් බස් ගාස්තු වැඩිවීමක් සිදුව නොමැති බවත් ඉදිරියේදී ඔවුන්ට ඒ සඳහා යම් තීරණයක් ගැනීමට ප්‍රමාණවත් කාලයක් ඇති බවත් ඔහු පැවසුවා.
බස් කර්මාන්තයට අදාල සෙසු වෘත්තිය සමිති සමගද සාකච්ඡා කර ගාස්තු සංශෝධනයක් වන්නේද යන්න පිළිබද දැනුම් දෙන බව ඔහු සඳහන් කරනවා.
සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල ප්‍රවාහන කටයුතුවලට යොදා ඇති බස් රථ සඳහා ඉදිරියේ දී ගනු ලබන කිසිදු තීරණයකින් බලපෑමක් නොවන බවද රාජ්‍ය අංශයේ කාර්යාල සේවකයින් ප්‍රවාහනය සඳහා සීමිත බස් රථ ප්‍රමාණයක් යොදා ඇති බැවින් එම ආයතන සමග යම් කිසි තීරණයකට ඉදිරියේදී එළඹීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.