විශේෂ මෙහෙයුමක් මගින් නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයන් 1,353 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය විසින් බස්නාහිර පළාත තුළ ඊයේ (12) උදෑසන 10 සිට 12 දක්වාත් සවස 3 සිට 5 දක්වාත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර පුද්ගලයින් 11,723ක් පරීක්ෂාවට ලක්කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලා.
දැඩිව නිරොධායන රීති උල්ලංඝනය කළ 354ක් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිරෝධායන රීතීන් ක්‍රියාත්මක වීම ආරම්භ වූ පසුගිය 2020 වසරේ මාර්තු මස 20 වන දා ට පසුව දිනක දී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත් අවස්ථාව මෙය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරනවා.
ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 31,395ක් වනවා.
මේ අතර ඊයේ දිනයේ පළාත් මායිම් සීමා උල්ලංඝනය කිරීමට පැමිණි පිරිස් යළි හරහා යැවීමට කටයුතු කර තිබූ බවද වාර්තා වනවා.