විශේෂ ප්‍රතිකාර ඒකකයක් සහිතව රෝගීන් දහසක් සඳහා මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ ඉදිකළ කෝවිඩ් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත භාර දීම ඊ්යේ (12) සිදු කෙරුණා.
මහනුවර, කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ විහාරාධිකාරී නාලන්දේ පවර ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය යටතේ මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත පැවරීම සිදු කලා.
මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ඇතුළු ආරාධිතයින් පිරිසක් එක්ව සිටියා.
සියලු පහසුකම් වලින් සමන්විතවූ මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 12 ක වියදමක් දරා ඇති අතර මධ්‍යම පළාතේ මෙතෙක් ක්‍රියාත්මක විශාලතම කෝවිඩ් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය මෙය වේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වන සේනාංකය විසින් මෙහි සියලු ඉදිකිරිම් සහ නඩත්තු කටයුතු ඉටු කර ඇති අතර මාස් හෝල්ඩින්ස් ආයතනය විසින් මුල්‍යමය දායකත්ව ද මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් ගේ අධීක්ෂණය යටතේ සියලු ඉදිකිරීම් සිදු කර තිබෙනවා.