
2019 මැයි මාසයේ සිට 2020 නොවැම්බර් දක්වා කාලය තුළ මෙම පර්යේෂකයන් යුනාන් පළාතේ නිවර්තන උද්භිද උද්‍යානයක සහ ඊට යාබද ප්‍රදේශවල කුඩා වනාන්තරයකින් වවුලන්ගේ මළ සාම්පල 283ක්, කූඩු 109ක් සහ මුත්‍රා සාම්පල 19ක් රැස් කර මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා.
ෂැන්ඩොං විශ්ව විද්‍යාලයේ චීන පර්යේෂකයන් සඳහන් කරන්නේ විවිධ වවුල් විශේෂයන්ගෙන් නව කොරොනා වයිරස් ජාන 24ක් එක්රැස් කළ බවයි.
චීන පර්යේෂකයන් පැවසුවේ එයින් එක් වයිරසයක් ජානමය වශයෙන් SARS-CoV-2 වයිරසයට බෙහෙවින් සමාන වන අතර එය දැනට පවතින කෝවිඩ් වසංගතයට ද හේතු වන බවයි.
2020 ජුනි මාසයේදී තායිලන්තයෙන් එකතු කරන ලද SARS-CoV-2 ආශ්‍රිත වයිරසය සහ මෙම නව ප්‍රතිඵල මඟින් SARS-CoV-2 සමඟ සමීපව සම්බන්ධ වන වයිරස වවුලන් අතර අඛණ්ඩව සංසරණය වන බව චීන පර්යේෂකයන් පෙන්වා දෙනවා.