ව්‍යාජ නිෂ්පාදන සහ කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සමඟ සැකකරුවකු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිළධාරීන් සහ පොලිසියට විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් පොලිස් බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව දෙහිවල ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එල්. දුෂ්මන්ත මහතා විසින් මෙම වැටලීම සිදුකර ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර සහ ඖෂධ ප්‍රධාන පරීක්ෂක අමිත් පෙරේරා මහතා පැවසුවේ මෙම ඖෂධ තොගය නැවුම් නිෂ්පාදන සහ කල් ඉකුත් වීමේ දිනයන් නිවැරැදි පෙට්ටිවල නැවත ඇසුරුම් කර ඇති බවයි. මෙහිදී ස්ටිකර් සහ මුද්‍රණ උපකරණ තොගයක් ද අත් අඩංගුවට ගත් බව ඔහු පවසනවා. මෙම සැකකරු ඖෂධ ජාවාරම්කරුවකු වුවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් නිකුත් කරන ලද බලපත්‍රය කල් ඉකුත් වී ඇති බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.