වැලිගෙපොළ නිවෙසක ඇති කළ සුනඛ පැටවෙකු අතුරුදන් වීම නිසා නිවෙස් හිමියා අසල පිහිටි ජල ව්‍යාපෘතියක 71 හැවිරිදි මුරකරුවකු සමග බහින් බස් වීමක් සිදුව ඇත. ඉන්පසු මෙම මුරකරුට පහරදී ඝාතනය කර ඇතැයි වැලිගෙපොළ පොලිසිය කියා සිටියා.
තලගස්කන්ද ජල ව්‍යාපෘතියේ ආරක්ෂකයකු ලෙස සේවය කළ පස්දරු පියෙකු වන මොහු පසුගිය 09 දින අලුයම දෙකට පමණ එම ජල ව්‍යාපෘතියේ පිවිසුම් දොරකඩ අසලදී ඝාතනය කර ඇත.
සුනඛයෙකු ගැන තමා නොදන්නා බවත් ජල ව්‍යාපෘතියේ නිලධාරියකු විසින් සුනඛයා රැගෙන ගියේ දැයි විමසා බලා පැවසිය හැකි බව මියගිය අය සැකකරුට පවසා ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීම ගැටුමකට පෙරළී පහරකෑමට ලක්වූ 71 හැවිරිදි පුද්ගලයා බිම ඇදවැටී තිබේ . ජල ව්‍යාපෘතියේ සිටි පුද්ගලයකු සුවසැරිය ගිලන් රථ සේවාවට මේ ගැන දැන්වීමෙන් පසු එම ගිලන් රථය පැමිණි අතර ඒ වන විටත් ආරක්ෂක නිලධාරියා මියගොස් තිබිණි.
සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි.