ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදේ සිදු කළ විශේෂ විමර්ශනයකින් කේරළ ගංජා කිලෝ 237 ග්‍රෑම් 500 ක් සමඟ සැකකරුවන් 03 ක් නාවික ගෙන තිබෙනවා.
උතුරු නාවික විදානය මඟින් අද උදෑසන ගොඩබිම දෙසට යාත්‍රා කළ සැක කටයුතු ඩිංගි බෝට්ටුවක් පරීක්ෂා කර එහි තිබී කේරළ ගංජා සහිත ගෝනි 02 ක් සොයාගෙන තිබෙනවා. සැකකරුවන් විසින් පවසන ලද තොරතුරුවලට අනුව නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක් ව කළ සෝදිසි කිරීමේ දී මුහුදට දමන ලද තවත් ගෝනි 06 ක් සොයාගත් බව වාර්තා වනවා. මෙම කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 71 ක් පමණ වන බව තහවුරු කර ඇත.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 28 ත් 29 ත් අතර අය බවත් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන්ව කන්කසන්තුරය පොලිසිය වෙත භාර දීමට නියමිත බවත් වාර්තා වනවා