ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ඇතුල් වීමට උත්සහ දරන ආයුධ සන්නද්ධ කණ්ඩායමක් පිළිබඳව අනාවරණය වීමෙන් පසුව තමිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.
ඉකුත් 12 වනදා මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් පිළිබඳ ව ඉන්දියානු මධ්‍යම බුද්ධි අංශ අනතුරු ඇඟවීමෙන් පසු තමිල්නාඩු ප්‍රාන්ත පොලිසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශ දැඩි අවධානයෙන් පසු වනවා.
එරට බුද්ධි අංශ ආරංචි මාර්ගවලට අනුව ආයුධ රැගත් පිරිසක් බෝට්ටුවකින් රාමේෂ්වරම් වෙරළට ගමන් කර ඇති බව වාර්තා වීම නිසා මේ වන විට කන්‍යාකුමාරි, තූත්කුඩි, රාමේෂ්වරම් සහ චෙන්නායි නගරයේ ආරක්ෂාව තර කර ඇත.
මෙම කණ්ඩායමේ අනන්‍යතාව හෝ සංවිධානය කුමක්ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු කරගෙන නැති අතර එරට බුද්ධි අංශ ඉන්දියානු වෙරළබඩ කලාප පිළිබඳ වඩා සුපරික්ෂාකාරීව කටයුතු කරන බව IANS පුවත් ඒජන්සිය වාර්තා කරනවා.