ගම්මන්පිලගේ සහයට ආණ්ඩුවේ පක්ෂ 8ක් පෙරට

 

ඉන්ධන මිල ඉහළ දමා ජනතාව අපහසුතාවට පත් කිරීමේ වගකීම භාරගෙන විශයභාර ඇමතිවරයා  ඉල්ලා අස්විය යුතු බව  පවසමින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ  කල ප්‍රකාශය

ඉන්ධන මිල ඉහළ දමා ජනතාව අපහසුතාවට පත් කිරීමේ වගකීම භාරගෙන විශයභාර ඇමතිවරයා  ඉල්ලා අස්විය යුතු බව  පවසමින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ  කල ප්‍රකාශය

හෙළාදකින බව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 08ක්  විසින් සඳහන් කරනවා.

ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් මේ බව සදහන් කරයි.

සාගල කාරියවසම් මහතාගේ මෙම  අපරිණත හා කට්ටිවාදී  ක්‍රියා හේතුවෙන් ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වන බව එම  ලිපියට පිලිතුරු ලෙස ඒකාබද්ධ නිවේදනය නිකුත් කරමින් එම පක්ෂ  නායකයින් පෙන්වා දෙනවා.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.


— මාධ්‍ය නිවේදනයයි —


ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති ඇමතිගේ කර මත පැටවීමේ වෑයම හෙළා දැකීම


වර්තමානයේදී ලොව සෙසු රටවල් සේම අප රට ද මුහුණ පා ඇති කොවිඩ් වසංගත තත්වය හමුවේ පොදුවේ මහජනතාව තම ආදායම් මාර්ග අහිමි වූ හෝ අවම වූ ඉරණමකට ඇද වැටී සිටිති. එමෙන්ම රජයේ ආදායම් මාර්ග ද බොහෝ සේ බිද වැටී තිබේ. ජනතාව සහ ආණ්ඩුව යන අංශ දෙකම එබඳු අභියෝගාත්මක ඉරණමකට මුහුණ පා සිටින මෙබඳු අවස්ථාවක දී ඇතැම් “ජනප්‍රිය නොවන” තීරණ ගැනීමට කවර ආණ්ඩුවකට වුව ද සිදුවිය හැක. මේ අවස්ථාවෙිදි තෙල් මිල වැඩි කිරීමේ තීරණය ද එවැනි “ජනප්‍රිය නොවන” තීරණයක් බව අපගේ නිගමනයි. එබඳු තීරණයකින් පීඩාවට පත්වන අඩු ආදායම්ලාභීන්ට සහන සැපයීම අත්‍යවශ්‍ය යැයි ද අපි අවධාරණය කරමු. ඒ සඳහා සුදුසු ක්‍රමවේද ඇතුළත් යෝජනාවලියක් අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරියේදී ලබාදීමට අපි බලාපොරොත්තු වෙමු.


මෙම ඉන්ධන මිල ඉහළ නැංවීමේ “ජනප්‍රිය නොවන” තීරණයේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කරමත පැටවීමට දරන වෑයම අපි ප්‍රතික්ෂේප කරමු. ඊට හේතු වන්නේ ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීරණය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් රැස්වුණු ජීවන වියදම පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ගනු ලැබූ තීරණයක් වීමයි.


පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද මේ බව තහවුරු කර තිබිණි. එවැනි පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පත්කළ මන්ත්‍රී සාගර කාරියවසම් මහතා “ජනප්‍රිය නොවන” තීරණයේ වගකීම උදය ගම්මන්පිල ඇමතිතුමා මත පටවා එමගින් ආණ්ඩුව ජනතාව ඉදිරියේ අනවශ්‍ය අර්බුදයකට ඇද දමා තිබේ.


එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් විසින් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ගත් තීරණය අභියෝගයට ලක් කිරීමෙන් ආණ්ඩුව තුළ කල්ලිවාදයක් ඇතැයි යන කුකුස ජනතාව තුළ ඉදිරියේ තබා ඇත.


මෙවැනි කට්ටිවාදී සහ අපරිණත ක්‍රියාවන් විසින් අවසානයේ දී ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වන බව ද පෙන්වා දීමට කැමැත්තෙමු.  එබැවින් මෙම කට්ටිවාදී ප්‍රවණතාව වහාම පරාජය කිරීම අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ වගකීම බව ද අවධාරණය කරමු.


අතුරලියේ රතන හිමි – අපේ ජන බල පක්ෂය

විමල් වීරවංශ – ජාතික නිදහස් පෙරමුණ

වාසුදේව නානායක්කාර – ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ

තිස්ස විතාරණ – ලංකා සම සමාජ පක්ෂය

ඒ.එල්.එම්. අතාවුල්ලා – ජාතික කොංග්‍රසය

ජී. වීරසිංහ – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය

ටිරාන් අලස් – එක්සත් මහජන පක්ෂය

අසංක නවරත්න – ශ්‍රී ලංකා මහජන පක්ෂය






Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ගම්මන්පිලගේ සහයට ආණ්ඩුවේ පක්ෂ 8ක් පෙරට
ගම්මන්පිලගේ සහයට ආණ්ඩුවේ පක්ෂ 8ක් පෙරට
ඉන්ධන මිල ඉහළ දමා ජනතාව අපහසුතාවට පත් කිරීමේ වගකීම භාරගෙන විශයභාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බව පවසමින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixnETJTHEoTLNmNNzDj_f-j_OpafPxTH4swnDQ18NLDcCyGCzfRPFuL_y04VCYnQuTKfkj4EGS-o1V4i-zUNjA-IFOJVQgDM4uJ8AuwYfZ5g2ZOwBFNBqsDkzARbNAd0bvZpYYIP4C4mQ/s16000/Gammanpila+3333.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixnETJTHEoTLNmNNzDj_f-j_OpafPxTH4swnDQ18NLDcCyGCzfRPFuL_y04VCYnQuTKfkj4EGS-o1V4i-zUNjA-IFOJVQgDM4uJ8AuwYfZ5g2ZOwBFNBqsDkzARbNAd0bvZpYYIP4C4mQ/s72-c/Gammanpila+3333.webp
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/14-gammanpila-08-party-support.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/14-gammanpila-08-party-support.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content