මුදල් ඔට්ටුවට බූරු පිටියක් පැවැත්වූ 7 දෙනකු මොරටුමුල්ල පොලිසිය ඊයේ (13 වැනිදා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වයස අවුරුදු 35 ත් 60 අතර පුද්ගලයන් වන මොවුන් බස්නාහිර බුද්ධි අංශයේ ස්ථානාධිපති රාජපක්ෂ වෙත ලද බුද්ධි තොරතුරක් මත අත්අඩංගුවට ගන්නා ලද බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු මොරටුව මහ නගර සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ ප්‍රබල ආධාරකරුවකු වන අතර ඔහුගේ නිවසේ මෙම බූරුපිටිය පවත්වාගෙන ගොස් ඇත.
පොලිසිය විසින් මෙම ස්ථානය වැටලීමේදී එතැන සිටි තවත් පුද්ගලයන් තිදෙනෙකු පැනගොස් ඇතැයි පොලිසිය කියයි.