මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට ඩොලර් 10,000 ක් සහ දෛනික දීමනාවක් ලෙස ඩොලර් 40 ක් ලබා දීමට තීරණය කර ඇති බව ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ජූලි මස 23 වනදා ආරම්භ වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් සිව් දෙනෙක් මේ වන විට සුදුසුකම් ලබා ඇති අතර තවත් ක්‍රීඩකයින් 3ක් හෝ 4 දෙනෙක් පමණ සුදුසුකම් ලබනු ඇතැයි අපේක්ෂා කරනවා.
මීට අමතර ව එක් පුහුණුකරුවකුට ඩොලර් 5000 ක දීමනාවක් සහ දෛනික දීමනාවක් ලෙස ඩොලර් 40 ක් ලබා දීමටත් තීරණය කර තිබෙන අතර ඔලිම්පික් වරම් ලබාගත් ක්‍රීඩකයන් සඳහා ඉහළ වටිනාකමක් සහ ක්‍රීඩාවට ඇති කැපවීම හඳුනාගනිමින් මූල්‍යමය වශයෙන් ත්‍යාග පිරිනමන පළමු අවස්ථාව මෙය බව ක්‍රීඩා භාර අමාත්‍යවරයා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබෙනවා.
"සමහර නිළධාරීන් ව්‍යාපාරික පංතියේ ගමන් කරන අතර ක්‍රීඩකයන් ආර්ථික පංතියේ ගමන් කරන බව මගෙ අවධානයට යොමු වී තිබෙනවා. මෙවර අපට එම ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍යයි. හිටපු ක්‍රීඩකයෙක් ලෙස මම මේ ක්‍රමය ගැන දන්නවා. ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා." යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.