මියගිය කැස්බෑවන් සිව් දෙනෙකු දකුණු මුහුදු වෙරළ තීරයට ගොඩ ගසා තිබිය දී ඊයේ (15) සොයාගෙන තිබෙනවා.
ගාල්ල ගිංතොට, ගාල්ල සමනල පාලම අසළ, කොස්ගොඩ සහ ඉඳුරුව යන ප්‍රදේශවල මුහුදු වෙරළට මෙම කැස්බෑවන් ගොඩ ගසා තිබෙනවා. පසුගිය දා මුහුදුබත් වුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මේ වන විට දකුණු මුහුදු තීරයට පමණක් කැස්බෑවන් 10 දෙනෙකු සහ ඩොල්ෆින් මසුන් 03 ක් ගොඩ ගසා ඇත.
මෙම කැස්බෑවන් මිය යෑමට හේතුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය ද යන්න සොයා බැලීම සඳහා හික්කඩුව වන ජීවී කාර්‍යාලය මඟින් මෙම සතුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. ඒ සඳහා ගාල්ල, බලපිටිය සහ කලුතර මහේස්ත්‍රාත් අධිකරණවලින් නියෝග ලබාගෙන තිබෙනවා.




