මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ වැඩකටයුතු නවතා දැමීමට තීරණය කර නොමැති බව මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. ප්‍රේමසිරි මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ලේකම්වරයා කියාසිටියේ එම ප්‍රදේශයේ ජනතාවට අධිවේගී මාර්ගය තැනීමේ කටයුතු සිදු කිරීම නිසා පීඩාකාරී තත්ත්වයක් ඇති වී ඇත්නම් හා ඉදිරියේ දී ඇතිවීමේ ඇති හැකියාවක් ඇත්නම් ඒවා මගහරවා අවශ්‍ය පියවර ගැනීමට තීරණය කළ බවයි.
එසේ නොමැතිව කිසිදු අවස්ථාවක මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු නවතා දැමීමට තීරණය කර නොමැති බව එම නිවේදනයේ සඳහන්.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලබනබව ද මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර ඇත.
කෙසේවුවද මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදු කරන ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවා ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය 12 වැනි දා ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා කියාසිටියේ අධිවේගි මාර්ගයේ ඉදිරිකිරීම් නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල ජල ගැලීම් සිදු වූ බවට එල්ල වූ චෝදනා සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි.
ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදු කරන ඉදිකිරීම් සම්බන්ධයෙන් යළි සමාලෝචනය සිදු කරන බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.