ලොව ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන එමිරේට්ස් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක වාර්ෂික අලාභයක් ලබා ඇති බව එම සමාගම නිවේදනය කරනවා. ඔවුන් පසන්නේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා ගුවන් සේවා දරුණු ආර්ථික ආඝාතයකට වැටී ඇති බවයි. තම සමාගම මෙවන් අති විශාල පාඩුවකට මුහුණ දෙනු ලැබුවේ දශක තුනකට පසු ව බව එමිරේට්ස් සමාගම පවසනවා.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටවල් අතර ගුවන් ගමන් සීමා පැනවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව එමිරේට්ස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී ශේක් අහමඩ් බින් සයීඩ් අල් මක්තුම් කියා සිටියා. එම සමාගමේ හිමිකාරී රට වන ඩුබායි රාජ්‍යයෙන් මෙම අර්බුදයෙන් මිදීම සඳහා ඩොලර් බිලියන 3.1 ක ප්‍රාග්ධනයක් ද ලබාගෙන ඇත.
පසුගිය වසරේ දී ගුවන් ගමන් තාවකාලිකව නැවැත්වීම නිසා සමාගමේ ආදායම 66% කින් පහළ බැස ඇති අතර මීට පෙර එමිරේට්ස් ගුවන් සමාගම මෙවන් විශාල අලාභයක් ලබා ඇත්තේ 1987-88 වර්ෂවල දී බව ඔවුන් පවසනවා.
සේවකයන් 60,033 දෙනෙකුගෙන් සමන්විත වූ එමිරේට්ස් කාර්‍ය මණ්ඩලය මේ වන විට 40,801 ක් දක්වා අඩු කර ඇති බව එම සමාගම නිවේදනය කරනවා.