වැරදීමකින් බැටරි ඇසිඩ් පෙවීම හේතුවෙන් මොටර් රථ කාර්මිකයෙකු මියගොස් ඇති බව ගාල්ල බටදූවෙන් වාර්තා වනවා.
කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති හදිසි මරණ පරික්ෂණයකදී මේ බව අනාවරණය වී තිබෙනවා.
මිය ගොස් ඇත්තේ ගාල්ල බටදුව පුර්වාරාම මාවතේ පදිංචි 53 හැවිරිදිවියේ පසුවන දෙදරු පියෙකුවන ගරාජ් බාස්වරයෙකි.
ලොරි රථයක බැටරිය අක්‍රීයවීම නිසා බැට්රි ඇසිඩ් මාරුකිරීමට පැමිණි ලොරි රථයේ හිමිකරු හා තවත් දෙදෙනෙකු සමග සමග බැටරිය චාජ් වන තුරු ඔවුන් විසින් රැගෙන ආ නිතිවිරෝධී මත්පැන් පානය කරමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇත. නිතිවිරෝධී මත්පැන් වලින් වෙරිමත් වී අතපසුවීමෙන් මත්පැන් වෙනුවට බැටිරි ඇසිඩ් සොඩා සමග කලවම්කර පානය කර ඇති බව පරික්ෂණවල දී අනාවරණය වි තිබෙනවා.
පසුව බැටරිය චාජ් කිරීමට පැමිණි පද්ගලයින් විසින් ගරාජ් බාස්වරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ප්‍රථිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.
මියගිය දෙදරුපියාගේ හදිසිමරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් පැවැත්වූ අතු පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි යු. ජී. පී. ජයරත්න මහතා විසින් සිදුකරන ලදි.
ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැළකිල්ලටගත් මරණ පරික්ෂකවරයා මෙය පිළිස්සුම් දියරයක් (බැටිරි ඇසිඩ්) ශරීරගතවීමෙන් සිදුවූ මරණයක් බවට තීන්දු කර ඇත.




