කොවිඩ් අභියෝග ජය ගැනීමේ මෙහෙයුමට දායකවීම සඳහා පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගම් සමූහය විසින් පී.සී.ආර්. යන්ත්‍ර 2ක් ඇතුළු රුපියල් මිලියන 25ක් වටිනා සෞඛ්‍ය උපකරණ තොගයක් අද (16) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමුවා
පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගම් සමූහය 2021 වර්ෂයේ පළමු කාර්තුවේ ලබා ගත් ලාභාංශයෙන් මුදලක් මෙම සද් කාර්යය වෙනුවෙන් වෙන්කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශය පරිදි අදාළ උපකරණ තොගය රෝහල් සඳහා බෙදා දීමද සිදුවිය
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගම් සමූහයේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී ශාමින්ද මර්සිලින් යන මහත්ම මහත්මීහු ද රෝහල් කිහිපයක වෛද්‍යවරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා





