කොරෝනා වසංගතය අතරේ පැමිණි ගංවතුර තත්වයෙන් පීඩාවට පත් කාන්තාවන්ට හා යොවුන් දැරිවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් සපයමින් ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජය විසින් ක‍්‍රියාත්මක කළ සමාජ සත්කාරක වැඩසටහනට ශක්තියක් ලබාදීමට ඊවා ඉදිරිපත් වෙයි.
ආපදාවෙන් විපතට පත්වූ ප‍්‍රදේශවල කාන්තාවන්ට බෙදා හැරීම සදහා සනීපාරක්ෂක තුවා පනස්දහසක් ශ‍්‍රී ලංකා රතුකුරුස සමාජයට පරිත්‍යාග කිරීමද පසුගියදා සිදුවිය.
මෙම සනීපාරක්ෂක තුවා තොගය ICL Brands සමාගමේ Eva කළමනාකාරීත්වය විසින් පසුගියදා කොළඹ 02 පිහිටි රතු කුරුස සමාජ මූලස්ථානයේදී එම සංවිධානයේ නියෝජත පිරිස වෙත ප්‍රදානය කරනු ලැබිණි. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති රුක්ෂාන් පීරිස් මහතා මෙසේ පැවසීය “මේ ව්‍යසනකාරී කාලගුණ තත්ත්වය උදා වන්නේ ශ්‍රී ලංකාව පුරාම ජනතාව කොවිඩ් 19 වසංගතය නිසා ඉතාම අසීරු තත්ත්වයකට පත්ව සිටියදී. බොහෝ දෙනෙක් තමන්ගේ ආදායම් මාර්ග අවහිර වී දුෂ්කරතාවයට පත්ව සිටින මොහොතකදී පැමිණි මේ ස්වභාවික ආපදා තත්ත්වය ඔවුන්ට ඉතාම අමිහිරි අත්දැකීමක්. උපකාර අවශ්‍යම අවස්ථාවේදී නොපැකිළව ඉදිරිපත් වෙමින් අපට සහය වීම පිළිබඳව ICL Brands සමාගමටත් Eva සන්නාමයටත් අපි කෘතඥතා පූර්වකව ස්තූතිවන්ත වෙනවා”.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මෙම සනීපාරක්ෂක තුවා තොගය මූලික වශයෙන් කොළඹ, ක`ඵතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල විපතට ජනතාව අතර බෙදා හැරීමට කටයුතු යොදා ඇත. නිරන්තරයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය හා එක්ව කටයුතු කරන රතු කුරුස සමාජයේ දිස්ත්‍රික් ශාඛාවන් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරීවරුන්ගේ සහය ඇතිව ආධාර අවශ්‍යම ජනතාව වෙත ක්‍රමවත්ව මෙම ආධාර බෙදා හැරීම සිදු කරනු ඇත.
ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවාය “කොවිඩ් වසංගතය, සංචරණ සීමා, අධික වර්ෂාව, ගංවතුර, නාය යෑම්, මේ ආපදාවන් තනි තනිව ගත්තත් ඉතාම දුෂ්කර තත්ත්වයන්. කාන්තාවකට මේ සිය`ඵ ආපදාවන්ගේ සම්මිශ්‍රණයකට මුහුණ දීමට සිදු වීම, විශේෂයෙන්ම ඇගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන්, ඉතාම අසීරු තත්ත්වයක්. ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ හදවත්වලට සමීපතම සන්නාමයක් වශයෙන් Eva මේ අසීරු අවස්ථාවේදී උපකාර අවැසි අය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ ඉතාම සතුටින්. වෙනදා වගේම මේ අසීරු අවස්ථාවේදී පවා නොවෙනස්ව ඔවුන්ගේ ජීවිතයේ කොටසක් වීමට අවස්ථාව ලබාදීම පිළිබඳව අපි ශ්‍රී ලංකා රතුකුරුස සමාජයට ස්තූතිවන්ත වෙනවා”
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා වෙළෙඳපොලෙහි 80% ක පමණ කොටසකට හිමිකම් කියන Eva මෙරට ජනප්‍රියතම සනීපාරක්ෂක තුවා සන්නාමය බවට අවිවාදිතය. දශක ගණනාවක් පුරා අඛණ්ඩව පවත්වා ගෙන යන මේ සාර්ථකත්වයට Eva නිෂ්පාදනවල ගුණාත්මකබව මෙන්ම සමාජ මෙහෙවර වෙනුවෙන් Eva හි ඇති කැපවීමත් හේතු සාධක වී ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාව සවිබල ගැන්වීම ඉලක්ක කරගත් සමාජ සත්කාර ව්‍යාපෘති ගණනාවක් Eva විසින් දියත් කර ඇති අතර “Eva පිරිපුන් මෙහෙවර” සහ මෑතකදී දියත් කරන ලද “Eva දියණිය” වැඩසටහන් ඒ අතරින් සුවිශේෂී වේ.