ත්‍රිකුණාමලය කල්ලරාව ප්‍රදේශයේ ධීවරයන්ගේ දැලකට හසු වූ මිණිමුතු මෝරෙකුගේ දිවි බේරා ආපසු මුහුදට හරවා යැවීමට කටයුතු කර තිබෙනවා.
එම මිණිමුතු මෝරා ඊයේ (14) එම ප්‍රදේශයේ ධීවරයන්ගේ මා දැලකට හසුවී ඇත.
මේ දිනවල පවතින අයහපත් සුළං තත්ත්වය හේතුවෙන් මෙම මිණිමුතු මෝරුන් ගොඩබිම ආසන්නයට පැමිණෙන බව ප්‍රදේශයේ ධිවරයින් කියාසිටියා.
පසුගිය දින කිහිපයේදීත් මේ අන්දමින් මිණිමුතු මෝරුන් කිහිප දෙනෙකුම මාදැල්වලට හසුවී ඇත.
හොඳින් වර්ධනය වූ විට දිගින් මීටර් 9ක් පමණ සහ බර කිලෝග්‍රැම් 9,000ක් පමණ වන
මෙම මෝර විශේෂය ලෝකයේ වඳවී යන සත්ත්ව විශේෂයක් ලෙස නම් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මෙම මිණිමුතු මෝරුන් ඇල්ලීම තහනම් වනවා.