Header Ads

උණුසුම් පුවත්

බද්දේගම ළමා නිවාසයක ළමුන් 12 කට කොරෝනා


බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ ළමා නිවාසයක ළමුන් 12 කට සහ එහි සේවකයන් 03 කුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසනවා.

කොරෝනා ආසාදනය වූ ළමුන් සහ සේවකයන් මේ වන විට ආරච්චිකන්ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි මෙහි සේවකයෙකුට පසුගිය දිනක කොරෝනා ආසාදනය වීමෙන් ඔහු සමඟ ළඟින් ඇසුරු කළ තවත් සේවකයන් දෙදෙනෙක් හා ළමුන් 19 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇත.

මෙම ළමා නිවාසයේ පරිවාස භාරයේ සිටින ළමුන් 65 ක් සහ සේවකයන් 15 සිටින අතර අනෙක් පිරිස ද පී.සී.ආර් පරීක්ෂණ වෙත යොමු කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් පවසනවා.