ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ටැංකිවල පැවති ඉන්ධන මේ වනවිට එම ටැංකිවල නොමැතිබව සමුද්‍රිය පරිසර ආරක්ෂණ ආධිකාරිය පවසනවා.
එහි සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය කියාසිටියේ ලිඛිතව ලැබුණු වාර්තා අනුව මේ බව සදහන් කලහැකි බවයි.
නෞකාව ගලවා ගැනීමේ සමාගමේ කපිතාන්වරයා සහ අන්තර්ජාතික තෙල් විසිරීම් පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ ලිඛිත වාර්තා ඒ බව අනුමාන කර ඇති බව ඇය කියාසිටියා.
මේ පිලිබදව අදහස් දැක්වූ දර්ශනී ලහඳපුර මහත්මිය.
"මේ නෞකාවේ ඉන්ධන මෙට්‍රික්ටොන් 300ක් තිබුණා. අපි දිනපතාම මේ නෞකාව ආසන්නයේ ජල සාම්පල අරගෙන ඉන්ධන මුසුවෙලා ද කියලා අපි පරීක්ෂා කරනවා. නමුත් මේ වනකම් එහෙම දෙයක් දැනගන්නට ලැබිලා නෑ. නෞකාව ගලවා ගැනීමේ සමාගමේ කපිතාන්වරයා සහ ශ්‍රී ලංකාවට පැමිණි අන්තර්ජාතික තෙල් විසිරීම් පිළිබඳ විශේෂඥ කණ්ඩායම ඔවුන්ගේ ලිඛිත නිරීක්ෂණවල සඳහන් කරලා තියෙන්නේ බොහෝවිට මෙම ගින්න පැවති ආකාරයත් පැවැති දින ගණනත් එක්ක සහ උෂ්ණත්වය අනුව නෞකාවේ ඉන්ධන අඩංගු විය නොහැකි බවට."