පසුගිය ජුනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ෂණයෙන් පසු අනාවරණය කරගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
එම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ෂණයක් කර ලබාගත් දත්ත පිළිබඳව ජනාධිපතිවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළා.
ඒ අනුව ජනාධිපතිවරයා කියා සිටියේ ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව ඇති මරණ බවයි.
ඇතැම් මරණ ,මරණ සහතික ද නිකුත් කළ තිබූ ඒවා බවටද අනාවරණය වූ බව ජනධිපතිවරයා කියා සිටියා.
එසේම ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වි ඇති බව සොයා ගෙන ඇති බවද කියා සිටියා.
දත්ත සැපයිමේදී නිවැරදි වීම සහ කාලීන වීම, නිවැරදි තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




