
පළමුවරට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ එම ප්‍රදේශයෙන් පිටතට වෛරසය පැතිරීම වැළැක්වීමට සෞඛ්‍ය බලධාරීන් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.
ඒ අද (18) පෙරවරුවේ කොවිඩ් -19 මර්දනය සඳහා වු ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේදී යි.
මෙම රැස්වීමේදී එම වෛරස ප්‍රභේදය පැතිර යාමේ ගැටලුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇති අතර ඒ අනුව පහත තීන්දු ගෙන තිබෙනවා
ඒ අනුව,
*එම ප්‍රදේශ හුදකලා කර වෛරස සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදුකිරීමටත්,
*ආසාදිතයින් සමඟ සම්බන්ධතා පැවැත් වු පුද්ගලයින් පිළිබඳව හඹාගොස් පරීක්ෂා කිරීමටත්,
*දැනට ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයා බැලීමට විශේෂිත වු පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදන ලෙසටත් තීරණය කර ඇත.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී එම පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය සියලුම භෞතික සහ මානව සම්පත් කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid



