එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කෙරෙන බව සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (18) පස්වරුවේ නිකුත් කලා.
මේ ගැසට් නිවේදනය එම කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට නිල වශයෙන් භාරදෙනු ලැබීමට නිනියමිතවනවා
ඉන්පසු වික්‍රමසිංහ මහතාට එම මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම සඳහා අවස්ථාව සලසා දීමට කටයුතු කෙරෙනු ඇති.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ලබන 23 වැනිදා දිවුරුම්දීමට නියමිතව ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




